Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Monday, May 14, 2018

මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කුට්ටම (Card Game)

7 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ගේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග පරිවර්තනය කිරීමේ හැකියාව වර්ධනය සඳහා මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.

හැදින්වීම



මේ සඳහා කාඩ්පත් 40 කින් යුත් කාඩ් කුට්ටමක් යොදාගනී. මෙම කාඩ් කුට්ටම pdf පිටපතක් ලෙස පහතින් DOWNLOAD කරගන්න.

(DOWNLOAD කරගෙන ඔය ටික print out එකක් අරගෙන, කාඩ් බෝඩ් වල අලවලා
කාඩ් කුට්ටම හදාගන්න)

මෙම කාඩ් කුට්ටමේ පහත ආකාරයට මිශ්‍ර සංඛ්‍යා 20 ක් සහ ඊට ගැළපෙන විෂම භාග 20ක් ඇත.

ක්‍රීඩාව කරන්නෙ මෙහෙමයි

කාඩ් කුට්ටම මිශ්‍ර කිරීමෙන් පසුව සිසුන් දෙදෙනෙක් අතර බෙදන්න
පළමු සිසුවාට එක් කාඩ්පතක් දැමීමෙන් ක්‍රීඩාව ආරම්භ කළ හැකිය
දෙවන සිසුවා ඊට සමාන මිශ්‍ර සංඛ්‍යාව හෝ විෂම භාගය දැමුවහොත් ඔහුට එම කාඩ් දෙක ජයග්‍රහනය කළ හැකිය
දෙවන සිසුවා ඊට සමාන මිශ්‍ර සංඛ්‍යාව හෝ විෂම භාගය දැමීමට නොහැකි උවහොත් වෙනත් ඕනෑම කාඩ්පතක් පලමු සිසුවා දැමූ කාඩ්පත මත තැබිය යුතුය
නැවතත් පළමු සිසුවා දෙවන සිසුවා දැමූ කාඩ්පතට සමාන මිශ්‍ර සංඛ්‍යාව හෝ විෂම භාගය දැමුවහොත් ඔහුට එම කාඩ් සියල්ල ජයග්‍රහනය කළ හැකිය

ක්‍රීඩාව මෙසේ ඉදිරියට ගලායන අතර තමන් ලබාගත් කාඩ්පත් ප්‍රමාණය අනුව ජයග්‍රාහකයා තීරණය වේ.

(ඔබගේ නව අදහස් අනුව මෙම ක්‍රීඩාව මීට වඩා වෙනස් කරගැනීමට හෝ
නව ක්‍රීඩා නිර්මාණය කර ගැනීමට හැකිය)




                
                
           
d