Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Thursday, June 7, 2018

The Man Who Knew Infinity 2016 (ගණිතඥයෙකුගේ කතාවක්)

           රාමනුජන් සැලකෙන්නෙ 19 වන සියවසේ ලොව පහල වූ අතිශය බුද්ධිමත්ම ගණිතඥයෙක් විදියටයි. අතිශය පුදුමයට කාරණය වන්නේ ඔහුට ගණිතය සම්බන්ධයෙන් හරි හැටි මූලික අධ්‍යාපනයක්වත් තිබ්බෙ නැති එකයි. ඔහු ඉන්දියාවෙ හිටපු සාමාන්‍ය ලිපිකරුවෙක්.
            නමුත් ඔහු ඉදිරිපත් කල අතිශය සංකීර්ණ ගණිතමය ශ්‍රිත සහ සමීකරණ සියවසකට පසුව අදත් ශුද්ධ ගණිතයේදී පමණක් නොවෙයි සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙ කලු කුහර පිලිබද අධ්‍යනයටත් නවීන ඉංජිනේරු විද්‍යාවෙ AI/Machine learning/ Deep learning වගේ ඉතා දියුනු ව්‍යවහාරික Engineer Designs නිර්මාණයටත් යොදා ගැනීමයි.
                                 වඩාත්ම කුතුහලය දනවන කාරනය වන්නෙ ඔහු ඉදිරිපත් කල ගණිතමය සිද්ධාන්ත බොහොමයක් අදටත් ඔප්පු කොට නොමැති වීමයි. සාමාන්‍යයෙන් ගණිතමය සිද්ධාන්තයක් ඉදිරිපත් කිරීමේදී කල හැකි හා කල යුතු ක්‍රමය ගණිතයේ (ඔප්පු කල නොහැකි ) මූලික ප්‍රස්තුත වලින් පටන් ගෙන පියවරෙන් පියවර සිද්ධාන්තය ඔප්පු කිරීම. එහෙම නැතුව පොල්ලෙන් ගැහුව වගේ සංකීර්ණ ගණිතමය සිද්ධාන්ත ඉදිරිපත් කරන්න කාටවත් බැහැ.
                                 නමුත් රාමනුජන් සම්බන්ධ කතාව මේකෙ අනික් පැත්ත. මේ සමීකරණ සමහරක් ඔප්පු කිරීමට රාමනුජන් ටත් නොහැකි උනා. නමුත් සමීකරණ ප්‍රායෝගිකව සත්‍යයි. ඔහු කෙලින්ම ඉදිරිපත් කලේ end result එක. ඔප්පු කල සමීකරනත් ඔහු ඔප්පු කිරීමට පෙලඹුනේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ඔහුගෙ අසාමාන්‍ය හැකියාව හදුනාගෙන එමගින් ඔහුට කෙරුනු බල කිරීම මතයි. අද වන තුරුත් ගණිතඥයින් ඔහුගේ සිද්ධාන්ත ඔප්පු කිරීමෙහි යෙදී සිටිනවා. බොහොම මෑතක 2015 දීත් ඔහුගේ එක් සමීකරණයක් Ken Ono හා Sarah Trebat Leder නැමැති ගණිතඥයින් දෙදෙනා විසින් ඔප්පු කරනු ලැබුවා ( mock modular forms හා elliptic curves සම්බන්ධව ඔහු ඉදිරිපත් කල සිද්ධාන්තයක්).
                                                          වඩාත්ම හාස්‍යයට කාරනය වන්නේ ඔහු ඒ ඉදිරිපත් කල සිද්ධාන්තය ඔප්පු කිරීමට අවශ්‍ය මූලික සිද්ධාන්තය ඔප්පු කරනු ලැබුවෙ Ken Ono විසින්ම 2006 දී වීමයි(Reduction of CM elliptic curves and modular function congruences) . එම මූලික සිද්ධාන්තය නැතුව රාමනුජන් අවසන් සමීකරණයට පැමිනියේ කෙසේද යන්න අතිශය ගැටලු සහගතයි. මෙය ඔහුගේ මෙම සිද්ධාන්තයේ පමනක් නොව සෑම සිද්ධාන්තයකම පාහේ දකින්න ලැබෙන ලක්ශනයක්.
                                                                       ඔහු වඩාත්ම දායකත්වයක් සැපයුවේ ශුද්ධ ගණිතයේ number theory, infinite series, and continued fractions, partitions වගේ කොටස් වලට. ඔහුගේ පර්යේශණ පත්‍රිකා ඔහුටම අනන්‍ය ශෛලියකින් යුක්තයි. සාමාන්‍යයෙන් බොහොමයක් ශුද්ධ ගණිත පර්යේශන පත්‍රිකා සමන්විත වෙන්නෙ සංකේතාත්මක ඔප්පු කිරීම් වලින්. එනම් සාධාරන සමීකරන ව්‍යුත්පන්නයෙන්. ඒත් රාමනුජන් ගෙ ප්‍රයේශන පත්‍රිකා දුටුව ගමන් වික්ශිප්ත වන තරම් තාත්වික සංඛ්‍යා (Real Numbers) වලින් සමන්විතයි. මම මේ පෝස්ටුවේ ආදපු ඔහුගේ සිද්ධාන්ත ඔප්පු කිරීම බලන්න.
                                                                         වඩාත්ම උත්ප්‍රාසය දනවන කාරනය මේ අසාමන්‍ය ගණිත සමීකරණ ඔහුට පහල වෙන්නෙ කොහොමද කියල ප්‍රශ්න කරාම ඔහු ගේ පිලිතුර වුනේ උදෑසන දෙවියන් නැමදීමෙන් පසු දෙවියන් ඔහුට කතා කොට සංකීර්ණ Mathematical patterns හා සිද්ධාන්ත ඔහුගේ දිව අග පහල කරන බවයි.
                කෙසේ උනත් මෙම කිසිදු විධිමත් අධ්‍යාපනයක් නොලැබූ මේ අසාමාන්‍ය ගණිතඥයා අවුරුදු 32දී මෙලොවින් සමුගන්නවා. පසු කාලීනව ඔප්පු කරනු ලැබූ ඔහුගේ ගණිත සිද්ධාන්ත අදටත් බහුල වශයෙන් ගණිතඥයන්, භෞතික විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් විසින් යොදාගන්නවා.

ඔහුගේ ජීවිත කතාව පදනම් කරගෙන තමයි The Man Who Knew Infinity චිත්‍රපටය 2016 වර්ෂයේදී තිරගත වන්නේ.

මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම  රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය  ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශක G. H. හාඩි සමඟ ගොඩනගා ගත් මිත්‍රත්වය විදහා දැක්වෙන සත්‍ය කතාවක් මෙයට පදනම් වෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ  (IMdB ratings) 7.2/10 ක අගයක් ලබාගත් මෙම චිත්‍රපටය, Matt Brown ගේ අධ්‍යක්ෂණයක්.


මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා:

Dev patel – ශ්‍රීනිවාසම් රාමනුජන් ලෙස
Jeremy Irons – මහාචාර්ය ජී. එච්. හාඩි ලෙස
Devika Bhaise – ජානකි (රාමනුජන්ගේ බිරිඳ) ලෙස
Toby Jones – ලිට්ල්වුඩ් ලෙස
Jeremy Northam – බර්ට්‍රන්ඩ් රසල් ලෙස

මෙම චිත්‍රපටය ගැන "බයිස්කෝප්" එකේ ලිපිය
මේ ලිපියෙන් සිංහල සබ් බාගන්න


PIRATEBAY එකේ ටොරන්ට් ලින්ක් එක


ගණිතය ගැන උනන්දුවක් දක්වන සියලුම දෙනා
නැරඹිය යුතුම චිත්‍රපටයක්





                
                
           
d