Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Wednesday, May 1, 2019

ගණිතය වාර සටහන් (2 වාරය) අපේ WaterMark නැතුව ගන්න....

පසුගිය වසරේ ආරම්භ කරපු gananiskole බ්ලොග් අඩවිය
ඉතාමත් කෙටි කාලයකින් ලංකාව පුරා 
ගණිතය විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන් අතර 
ජනප්‍රිය බ්ලොග් අඩවියක් බවට පත් උනා. ඒ වෙනුවෙන් ගුරු සොයුරු සොයුරියන් සියලුම දෙනාට ස්තුතිවන්ත වන අතරම සියලුම දෙනාට උදාවූ 2019 නව වසරේදී දූ පුතුන් ගණිතය විෂයේ දක්ෂයින් කරන්නට හැකිවන හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.. 


2018 වසරේදි අපි වාර 3 සඳහා ම 6 - 11 ගණිතය වාර සටහන් ලබා දීමට කටයුතු කළා. තුන්වෙනි වාරයේදී පමණක් වාර සටහන් බාගත කළ ප්‍රමාණය 7000 ක ටත් වැඩි. ඒත් ගොඩක් දෙනෙක් ෆේස්බුක් හරහා අපෙන් කළ ඉල්ලීමක් තමයි වාර සටහන Gananiskole watermark එක ඉවත් කරලා ලබාදෙන්න කියන එක. නමුත් අපිට තිබුණු ගැටලුව තමයි දැනටත් අප ලබාදීපු watermark සහිත වාර සටහන විවිධ වෙබ් අඩවිවල පලවීමත් සමහර bookshop වල අලෙවි කිරීමත්. මේ නිසා watermark රහිත වාර සටහනක් කිසිවෙකුත් අතට පත් නොකර සිටීමට අපි වගබලා ගත්තා.. 

ඒත් ,
බොහෝදෙනෙක් යොමු කරපු ගැටලුවට පිළිතුරක් දෙන්න අපිට අවශ්‍ය උනා..

ඒ නිසයි අපි හිතුවෙ මේ වාරයේ ඉඳන් "ඔබේ නමින්" watermark එකක් දාලා වාර සටහන ලබාදෙන්න..

ඒත් මේ ක්‍රියාවලිය එච්චර ලේසි වැඩක්නම් නෙවෙයි..

ඒකට පහළින් තියෙන ක්‍රමවේදය හඳුන්වාදෙන්න අපි තීරණය කළා..

----------------------------------------------------------------------------------------------

මුලින්ම අපි එක් පන්තියක වාර සටහනක් වෙනුවෙන් මිලක් නියම කළා.. 
රු.50 ක්.. අපි හිතනවා ඒ ගාන සාධාරණයි.. මොකද හැම වාර සටහනකම ඔයාගෙ විස්තර දාලා watermark එකත් ඔයාගෙ නමින්ම දාලා පිටුවක් ගානෙ හදලා  එවන්න ඒ ගාන වැඩි නෑ..
 (ඊට පස්සෙ අවුරුදු ගානක් ඒ වාරසටහන කොපි කරගෙන පාවිච්චි කරන්න ඔයාට පුලුවන්)

මෙන්න මේ වගේ තමයි ඔයාගෙ නමින් watermark එක දාන්නෙ 
(අපේ ලෝගෝ එකවත් දාන්නෙ නෑ)


වැඩේට අකමැතිනම් අපි නොමිලේ දෙන වාර සටහන බාගන්න ඔයාට පුලුවන්.. 👺

වැඩේට කැමතිනම් ඊලඟට කරන්න ඕනි මේකයි.. 👇

-------------------------------------------------------------------------------------------

මුලින්ම කරන්න ඕනි ඔබට අවශ්‍ය වාර සටහන් ප්‍රමාණය අනුව
 අදාළ ගාස්තුව ගණනය කර ගන්න එක 
(එක් පන්තියක එක් වාරයක වාර සටහනකට රු.50 බැගින්)

ඊට පස්සෙ ඒ ගාස්තුව 
 පහත ගිණුමට ගෙවන්න 👇👇👇

අපේ ගිණුම 
PEOPLE'S BANK - EHELIYAGODA
P.H.M.P. SUGUNAPALA
085200280039085

ගාස්තුව බැකුවෙන් ගෙවපු ගමන්ම පහත විස්තර ටික 0773442181 ට SMS කරන්න 

ඔබේ නම
පාසලේ නම
වාර සටහන් අවශ්‍ය වාරය
වාර සටහන් අවශ්‍ය ශ්‍රේණි (කොමා ලකුණකින් වෙන් කරන්න)
watermark එකට යෙදිය යුතු නම
 email ලිපිනය
ගාස්තුව ගෙවන ලද දිනය සහ වෙලාව

මෙන්න මෙහෙම 👇

ඊට පස්සෙ ඔයාගෙ තොරතුරු අපිට ලැබුණ බවට Reply SMS එකක් ලැබෙයි.
ගෙවීම් හරියටම කළා නම් 
අපි ඔයාට අවශ්‍ය වාර සටහන් pdf පැය කීපය ක් ඇතුළත ඔයාට email කරනවා 

-----------------------------------------------------------------------------

ප.ලි. : කාර්‍යබහුලත්වය නිසා VPP මගින් එවීම නතර කර ඇත .
එමනිසා තැපැල් මගින් එවීමට ඉල්ලීම් නොකරන මෙන් ඉල්ලා සිටිමි
e-mail මගින් ලබාගැනීම ඔබටත් අපිටත් පහසු වනු ඇත







                
                
           
d