Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Friday, May 25, 2018

තත්පර 30 යි (ඉක්මනින් ගණන් හදන්න හුරු වෙන්න GAME එකක්)

මූලික ගණිත සංකල්ප අතරින් ගුණ කිරීම පිළිබඳව දරුවන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.
මෙහි පළමු අදියර ලෙස "ගුණ කිරීමේ දැලිස" යොදා ගැනීමෙන් පසුව දෙවන අදියරක් ලෙස මෙම ක්‍රීඩාව සුදුසු වේ යයි සිතමි. මෙම ක්‍රීඩාව Power point presentation එකක් ලෙස සකස් කර ඇත.
මුලින්ම පහත සබැඳියෙන් බාගත කරගන්න

ක්‍රීඩාව ගැන

මෙය පන්ති කාමරයේදී සිදු කිරීමට පරිඝනක තිරයක් හෝ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් යොදාගන්න පුලුවන්
ක්‍රීඩාව ගුණ කිරීමේ ගැටළු 10 කින් සමන්විත වෙනවා
දරුවන්ට එක් ගැටළුවකට හිමිවන කාලය තත්පර 30 ක්
තත්පර 30 ඇතුළත නිවැරදි පිළිතුර සොයා සටහන් කළ යුතුයි
(ඒ සඳහා 1 සිට 10 ට ඉලක්කම් යෙදූ කොළයක් භාවිත කරන්න)

කාලය අවසන් වූ පසු පිළිතුරු පරීක්ෂා කරන්න
(Power point presentation එකේ උත්තරත් තියෙනවා)

Power point presentation එකක් විදියට හදලා තියෙන නිසා මෙය තවත් ගැටළු ඇතුළත් කරගෙන නිර්මාණය කරගන්න ඔබට අවස්ථාව තියෙනවා
(නිර්මාණ අයිතිය සුරකින්න)

මේ ගැන ඔබේ අදහස් පහළින් Comments කරන්න





                
                
           
d